-
Product Description
මෙය ඉතා අගනා සූත්රයකි. සතුට හා සාමය ගෙන දෙන එය ප්රචණ්ඩතා-සැහැසිකම් නැවැත්වීමට පවා බලයක් ඇත්තකි. එම සූත්රය ඇසීමෙන් කෙනෙකුගේ කර්ම පවා ගෙවී පිරිසිදු වන්නේ ය.
අපගේ ජීවිතවල අරමුණ විය යුත්තේ අන් අයට යහපත සැලසීමය. මෙම වර්තමාන ජීවිතයේ සතුට අන් අයට ලබා දීම අපට කළ හැකිය. එහෙත් වඩාත් වැදගත් වන්නේ, අනාගත ජීවිතයන්හිදී ද එම සතුට ලබා දීමය. ඊටත් වඩා වැදගත් වන්නේ, ජීවී සත්වයන් සංසාර දුකින් නිදහස් කොට ඔවුන් විමුක්තිය කරා ගෙන ඒමය. ඉතාමත් ම වැදගත් වන්නේ ඔවුන් පරම තත්වය වූ පූර්ණ බුද්ධත්වය කරා ගෙන ඒම ය.මෙම සුවර්ණභාසෝත්තම සූත්රයට සවන් දීම බුද්ධත්වය කරා යාමට මග පාදා ගැනීමක් වන්නේය. මෙම සූත්රය, අපගේ ජීවිත ඒ වෙත යොමු කරන්නකි. පහත් උත්පත්තීන්හි නොඉපදීමට එය අපට උදව් කරන්නේය. අප එක් මොහොතක් හෝ පමා නොවී නවතා ගත යුත්තේ පහත් උත්පත්තීන් හි ඉපදීමය.
සාර්ථකත්වය වර්ධනය කරන එය, විශේෂයෙන් සද්ගුණවත් රජුන්ගේ හා ජනපතිවරුන්ගේ සතුට සඳහා මාර්ගය වන්නේය. ඔබට නානා ගැටලු ඇත්තේ නම්, ඔබගේ ධනය පිරිහී යන්නේ නම්, හදිහූනියම් වලින් හෝ භූත බලවේගවලින් හානි පැමිණෙන්නේ නම් හෝ වෙනත් භයානක දේවල් සිදුවන්නේ නම්, ඒ සියල්ලම සඳහා ඔබ කළ යුත්තේ, නා පිරිසිදු වී, පිරිසිදු ඇඳුම් ඇඳගෙන, ශාන්ත මනසකින් යුතුව මෙම සූත්රයට සවන් දීමය.
කවර හෝ රටක මෙම සූත්රය උගන්වනු ලබන්නේ නම්, එම රටට මින් විශාල යහපතක් සැලසේ. එම රටේ රජු සතුරන්ගේ ප්රහාරයට ලක් වන්නේ නැත. සියලු දෙනා සතුටින් දිවි ගෙවනු ඇත.
Additional information
Weight .230 kg Dimensions 21 × 14.5 × 1 cm 1 review for සුවර්ණ භාසෝත්තම සූත්රය

ingridsmars –
Your kind approval is sought to download this book/
Thank you