Menu

Sorry, nothing in cart.

Product Description

“සංසාරයෙන් හා නිර්වාණයෙන් වෙන් කළ නොහැකි වූ
සියලු ජීවී සත්‍වයන්ගේ මනස,
සසර තුළ සැරි සරන්නේය.
සාරයේ සමස්තය නම්,
තමාව ගලවා ගැනීම සඳහා එය උගන්වා ඇත්තේ එසේය:
කෙනෙකුට මහා ස්වයං විමුක්තිය සැබවින්ම ලැබෙන
පවිත්‍ර අවදි සිහිය පිළිබඳ නිරුවත් දර්ශනය හරහා
ස්වයං විමුක්තිය පරිපූර්ණත්‍වයට පත් වේ.”

බාර්ඩෝ තොදොල් ග්‍රන්‍ථයට අනුව, ඕනෑම ජීවී සත්‍වයෙකුගේ ස්වභාවය වෙනස් නොවන්නකි. එයට ‘ධර්ම ධාතුව’ යයි කියනු ලැබේ. ශූන්‍ය බව අතින් එය අවකාශයේ ඇති හිස් බවට සමාන වේ. මෙම තත්‍වය තුළදී ‘ස්වාභාවික පරිපූර්ණ ප්‍රඥාව’ පැන නගින්නේ, අහසේ හිරු නැගී එන විට එහි ආලෝකය කිසිදු බාධාවකින් තොරව සෑම තැන පැතිර යන්නා සේ ය. එම තත්‍වය තේරුම් නොගැනීම හෙවත් හඳුනා නොගැනීම නිසා මායාවී ස්වභාවයක් පහළ වේ නම්, එම අපවිත්‍ර තත්‍වය තුළදී ලෝක සයේ ආලෝකයන් පිළිබඳ මායාවී දර්ශන පැන නගී. එනම්,දෙව්ලොව,අසුර ලොව, මිනිස් ලොව, තිරිසන් ලොව, ප්‍රේත ලෝකය හා අපාය යන ලෝක සයේ දර්ශනයන් ය. දෙව්ලොව ආලෝකය සුදුමැලි සුදු පැහැයක් ගනී, අසුර ලොව ආලෝකය අඳුරු නිල් පැහැයෙන් යුතුය,තිරිසන් ලොව ආලෝකය පුල්ලි සහිත කොළ පැහැයක් ගනී,ප්‍රේත ලෝකයේ ආලෝකය සුදුමැලි කහ පැහැයක් ගනී,(මිනිස් ලොව ආලෝකය කහ පැහැයක් ගනී) අපායේ ආලෝකය අඳුරු දුම්පැ හැයක් ගනී.

කෙනෙකු එකී ආලෝකයන්ගෙන් එකකට ආකර්ශනය වුවහොත්,මිනිසාට අයත් රූප, වේදනා, සංඥා, සංස්කාර,විඥාන යන පංචස්කන්‍ධයන් ඒ පුද්ගලයාට සම්බන්‍ධ වේ; ඒ අතරම, ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාස යන පංච මහා භූතයන්ද සම්බන්‍ධ වේ. ඒ සමගම රාග, ද්වේශ, මද, මාන, ඊර්ෂ්‍යා යන පංච ආවේගයන් ද ඊට සම්බන්‍ධ වී, සසර සයුර තුළ අනවරත ගමනාගමනය සිදු වේ.

Additional information

Weight 0.150 kg
Dimensions 21 × 51 × 6.0 cm

Reviews

There are no reviews yet.

Be the first to review “මරණය හා විමුක්තිය පිළිබඳ පූජනීය ටිබැට් ඉගැන්වීම්”

Your email address will not be published. Required fields are marked *

X