-
Product Description
මෙහි මූල ග්‍රන්ථය සකු බසින් සෑහෙන දිගකින් යුතු ශ්ලෝක මගින් ඉදිරිපත් කොට ඇත්තකි. මෙහි මුල් ඉංග්‍රීසි පරිවර්තනය මුල්වරට පලවූයේ නිව්යෝක්හි GENTRY සඟරාවේය. ඒ 1955 දීය. මෙම පැරණි ඉගැන්වීම තවමත් කාශ්මීරයේ සහ භාරතයේ සමහර පලාත්වල ජීවමානව පවතින්නකි. සිංහල අනුවාදය සකස්කර ගන්නා ලද්දේ පෝල් රෙප්ස් (Paul Rep) විසින් සංස්කරණය කරන ලද Zen Flesh, Zen Bones නම් ග්රන්ථයෙනි. එහි ඉංග්‍රීසි පරිවර්තකයා කර ඇත්තේ නූතන නිසදැස් කාව්‍ය ආකෘතිය අනුව ඒ සියල්ල පිටු කීපයකින් සාරාංශ කොට දැක්වීමකි. එහෙත් එම සාරාංශයෙන් වුවද අවශ්‍ය කෙනෙකුට ප්‍රායෝගික ප්‍රයෝජනයක් ලබා ගත හැක.
මෙම පොත නිකම් කියවා බැලීම සඳහා නොව, ධර්ම ප්රත්යක්ෂය ලැබීමට අවශ්‍ය පුද්ගලයන්ට ප්‍රායෝගික උපදෙස් ලැබීම සඳහාම නිමවන ලද්දක් සේ පෙනේ. මෙම ග්‍රන්ථය නිමවී ඇත්තේද දේවිය අසන ප්‍රශ්නවලට ශිව දෙවියන් දුන් පිළිතුරු වල ස්වරූපයෙනි . එබැවින් එහි සජීවී ස්වරූපයක්ද ඇත. එහිදී දේවිය අසන ප්‍රශ්න 112 ට ම ශිව දෙවියන් දෙන පිළිතුරු වලින් ඉඟි කොට ඇත්තේ ධර්ම ප්රත්යක්ෂය තුළට ඇතු`ඵ විය හැකි වෙන වෙන මාර්ග 112ක් පිළිබඳව ය. එබැවින් එක් අතකින් එය තාන්ත්‍රික ග්රන්ථයක් වන අතර අනෙක් අතින් එය ජපන් සෙන් ධර්මය හා සම්බන්ධ කො අන් ගැටලුවලට ද සමානත්වයක් දරයි.
Additional information
Weight .75 kg Dimensions 20.5 × 14.5 × .3 cm

Reviews
There are no reviews yet.