යසෙන්කන්නා යනු, සෙන් අර්බුදයක් පිළිබඳව ඇතුළාන්තයෙන් ලියවුණු ඉතිහාසයකි. එහි සඳහන් සෙන් අසනීපය පැන නගින්නේ, අර්ධ වශයෙන් සිදු වූ සතෝරියක උඩඟු බව හා ඇවිස්සීමත්, මමත්වයේ අහංකාරය බිඳ දැමීම පිළිබඳ අරගලයක් නිසාය. එම අසනීපය සුව වීම සිදු වූයේ නයිකන් නම් වූ මනෝ-කායික අභ්‍යාස මගිනි (ඒ ඇතුළත බැලීම නම් වූ අභ්‍යන්තර අවලෝකන අභ්‍යාසයක් මගිනි). හකුයින් ගුරුතුමා සෙන්කන් (සෙන් අවලෝකනයයි) හා රිකන් (සත්‍යය අවලෝකනය) යන දෙක ශිෂ්‍යයන්ට අනුමත කළේ ය. තම ග්රන්ථ කිහිපයකදීම එතුමා නයිකන් අභ්‍යාස ගැන අවධාරණය කොට ඇත. ඒවා එතුමාගේ චින්තනයේ වැදගත් අංගයකි.
පමණ ඉක්මවා සිත කය වෙහෙසෙන්නට වීම නිසා බොහෝ ශිෂ්‍යයෝ මහත් අබල දුබල රෝගී තත්ත්වයකට පත්වූහ. මේ දුටු ආචාර්යවරයා සිය කරුණාව ඔවුන් වෙත පතුරුවා “ලයිකං” හෙවත් අභ්‍යන්තර භාවනාව කියා දුන්නේය. ඔහු මෙසේ කීය, “සැබෑ ශිෂ්‍යයන් මාර්ගය අනුගමනය කරන විට හදවත් ගින්න නිසා හිස තුළට දිව යනු ඇත. සිත සහ කය වෙහෙසට පත් වී පංවේන්ද්රියන්ගේ එකගතාව නැති වී යයි. මෙය සුව කිරීමට කිසිම වෛද්‍යවරයෙකුට බැරිය. එහෙත් “සෙනින්” නම් වූ පව–තවාසී අමරණීය සෘෂිවරුන්ගේ ප්‍රාණය වන “දන්’ අමෘතය මා ළඟ ඇත. ඔබ එය දැන් කරන්නට උත්සාහ කොට බලන්න. එවිට වලාකුළු සහ මීදුම මෑත් වී ගොස් මහ හිරු එළියක් වැටෙනු ඇත.
| Weight | .060 kg |
|---|---|
| Dimensions | 21 × 14.8 × .3 cm |
Reviews
There are no reviews yet.