Sorry, nothing in cart.
Sorry, nothing in cart.
නිශ්චලත්වය යනු ඔබගේ මූලික/හරාත්මක ස්වභාවයයි. නිශ්චලත්ව යනු කුමක්ද? මේ පොතේ ඇති වචන සංවේදනය වී ඒවා සිතිවිලි බවට පත්වීම සිදුවෙන අභ්‍යන්තර අවකාශය හෙවත් දැනීමයි/සම්ප්රජානනයයි. මේ දැනීමෙන්/සම්ප්රජානනයෙන් තොරව සංවේදනයක් සිදුවන්නේ නැහැ, සිතිවිලි ඇති වන්නේ නැහැ, ලෝකයක් ඇති වන්නේ නැහැ. පුද්ගලයකු ලෙස වෙස්වලාගත් ඔබයි ඒ දැනීම/සම්ප්‍රජානනය.
බාහිර ඝෝෂාවට සමාන අභ්‍යන්තර ඝෝෂාව වන්නේ, සිතිවිලි ඇති කරන ඝෝෂාවයි. බාහිර නිශ්ශබ්දතාවයට සමාන වන්නේ අභ්‍යන්තර නිශ්චලත්වයයි. ඔබ අවට නිශ්ශබ්දතාවයක් පවතින සෑම විටකදීම එයට සවන් දෙන්න. ඒ කියන්නේ, ඒ ගැන සැළකිලිමත් වෙන්න. එයට අවධානය යොමු කරන්න. නිශ්ශබ්දතාවයට සවන් දීමෙන් ඔබ තුල ඇති නිශ්චලත්වය අවදි වෙනවා. එයට හේතුව ඔබට නිශ්ශබ්දතාවයට අවධානය යොමු කළ හැකිවන්නේ නිශ්චලත්වය තුළින් පමනක්ම වීමයි.
ඔබ අවට ඇති නිශ්ශබ්දතාවය ගැන සැළකිලිමත් වන මොහොතේදී ඔබ සිතන්නේ නැති බව ඔබට පෙනෙයි. ඔබ තුල දැකීමක් මිස සිතීමක් සිදු වන්නේ නැහැ.
| Weight | .200 kg |
|---|---|
| Dimensions | 21 × 14.5 × .8 cm |
Reviews
There are no reviews yet.