Sorry, nothing in cart.
Sorry, nothing in cart.
ළමයි හාදා වඩා ගැනීමෙිදී බොහො දෙමවිපියන් කරන්නේ මුලදී මා ගොවිපල සමිබන්ධව කල වැරුද්දමය. උදාහරණයක් ලෙස ළමයන්ට සංගීතය ඉගැන්වීම ගස් කප්පාදු කිරීම වැනි අනවශ්‍ය දෙයකි. ළමයාගේ කන සංගීතය ග්‍රහණය කරගන්නේය. දිය පාරක මුණු මුණුව “ගංදැලේ මැඩියන්ගේ බක බකය ” කැලෑවෙි කොළවල සිලි සිලිය යන මෙි සියල්ල සොබාවික සංගීත හඩවල්ය .සැබෑ සංගීතයය. එහෙත් කෘතිම ශබිද කනට වැටී ළමයා අව්ලට පත්වූ විට සංගීතය පිළිබද පවිත්‍ර චින්තනය ගිලිහී පිරිහී යයි. එසේ වන්න්ට ඉඩ හැරියහොත් කුරුලු හඩ හෝ සුළගේ හඩ ගීත ලෙස රස වීදිමට ළමයාට නොහැකිවෙ. පිරිසිදු පැහැදිලි කනක් ඇතිව වැඩෙන දරුවාට පියානොවෙන් හො වයලීනයෙන් ජනප්රීය තනු වැයීම අපහසු විය හැකිය එහෙත් එය සැබෑ සංගීතය ඇසීමට ඇති හැකියාව හෝ ගායන හැකියාවට සමිබන්ධයක් නැත.
ඉහත සදහන්කලේ සංගීතය හා ළමයින් පිළිබද කතාවක් පමණක් නොව සොබාදහමෙි සියුල අංග වලට මිනිසුන්ගේ මැදිහත් වීමෙින් සිදුවිය හැකි හානිය සමිබන්ධව මසනොබු ෆුකුඔිකා මහතා විසින් ලියන ලද The one – straw Revolution නමි කෘතියේ තම ගොවිතැන් ක්රමයද ජීවන දර්ශණයද අලලා ලියු පෙතෙහි කොටසකි . මෙය සිංහලයට පිදුරු ගහේ විප්ලවය නමින් මහාචාර්්‍ය ඩබිලිවි එමි ගුණ තිලක මහාත විසින් පරිවර්ථනය කරන ලද සුවිශේෂි කෘතියකි.
ජපානයේ ෂිකොකු දුපතේ ගොවිගමක උපත ලද ෆුකුඔකා මහතා රේගු පර්යේෂකයෙකු ලෙස සේවය කර එය අතරමග නවතා දමා ජීවිතය හා ජීවන දර්ශණය ලෙස සොබාදහම සමග ජීවත්වීමත් එය අත් වීදිමින් ජීවන දර්ශනයක් ගොඩ නැගීමත් සිදුකරන ලදි . ෆුකුඔකාගේ ගොවිතැන ඔහු හැදින්වුවෙි නොකර කිරීමෙි ගොවිතැන ලෙසය. අද වන විට මිනිසාගොවි තැනට අනවශ්‍ය ලෙස මැදිහත් වීමෙින් සමස්ථ සොබාදහමටම විශාල හානියක් සිදු කර ඇත ජපානයේ පමණක් නොව ලංකාවෙිද තත්වය එයයි. අනුරාධපුර පොළොන්නරුව වැනි පලාත් පෙරදි බොහෝ සුන්දර ගමිමාන විය අද වන විට එය වකුගඩු රොගිීන්ගෙන් පිරි ගිය විශාලවක් බවට පත්ව ඇති . ලස්සන විශාල පලදාවක් ලබා ගැනීමට මිනිසුන් අධික ලෙස වස පොහොර ගොවිතැනට එක් කරමින් ඇත . විශාල යන්ත්‍ර සුත්‍ර යොදාගනිමින් සී සැම නිසා පෙලවෙි සාරවත් කොටස අගල් කිහිපයක් යට වලලා දමා රසායනික යොදති . පෙරදි තිබු සෙබාදහමෙි සුන්දරත්වය අද ගොවිතැන නිසාම වැළලි යන්නට පටන් ගන ඇත. පොළොන්නරුව රජ ඇලේ අනුරාධ පුරේ යොධ ඇලේ ජලය සමග ගලන්නේ වස හා පොහොර දියවුණ රසායනයන්ය . සෙබාදහමෙි ගොවිතැන හරිත විප්ලවය විසින් ආක්‍රමණය කලා පමණක් නොව ඒවා සොබාදහම ලෙස බරග්නාන ජනතාවක්ද නිර්මාණය කලේය.
රෝගී වු සෙබාදහමි හා මානව චින්තනය නැවත සුවපත් කිරීමට ඔහු විසින් තම ජිවිතය අත්හදා බලා ලියු කෘතියක් ලෙස මෙම කෘතිය හැදින්විය හැකියි . ගොවියෙකු ශේෂ්ට චින්තකයෙකු වන්නේ කෙසේද එය ෆුකුඔකා මහතාට අවබොද කරන්නේ නොකර කිරීමෙි ගොවිතැන විසිනි. ඔහු මෙම කෘතියේ ලියන පරිදි සෙබාදහමෙි ගොවිතැනට කෘතිම රසායනික අවශ්‍ය වන්නේ නැත. බිමි සුද්ධ කිරීමද අවශ්‍ය වන්නේ සුලු වශයෙනි . මෙම ගොවි තැනේදි පස පෙරළන්නේ හා සී සාන්නේ නැත . කාබනික පොහොර භාවිතා කරන්නේ නැත. ඔහුගේ කූඔුර වසර විසි පහකින්වත් පස පෙරළා නොමැත. නමුත් ඔහුගේ ගොවිතැනේ අස්වැන්නේ අඩුවක්ද නොමැත . ඔහු කරන්නේ සොබාදහමෙි රීද්මය හදුනා ගන වඩා හොද ජෛව විවිධත්වයක් නඩත්තු- කරමින් වගා කටයටුතු කිරීමයි.
විශාල ගෙඩි හැදෙන ගොවිබිමි ” නවින තාක්ෂණය ” මුදල් හා ලාභය “වෙළද දැන්විමි හා මානසික ආක්‍රමණ සියල්ල සිදුවන ලොක්යක සොබාදහමෙි රීද්මය හදුනාගන එයට අනුව වගා කිරීම හා ජීවත් වීම මෙි යුගයේ සත්‍ය වශයෙන්ම අරගලයකි . නමුත් ඒ අරගලය සිදු කල හැටි විටින් විට මෙම කෘතීය තුල ෆුකුඔකා මහතා මනාව පෙළ ගස්වා ලියා ඇති අතර මහාචාර්්‍ය ගුණතිලකයන් විසින් එය හරයේ හෝ රසයේ අඩුවක් නොකර සිංහලයට පරිවර්ථණය කර ඇති අයුරු මෙම කෘතිය කියවන විට මනාව පැහැදිලි වෙි .
පිදුරු ගහේ විප්ලවය සමග මිනිස් චින්තනයේ දාර්ශනික විප්ලවයක් පිළිබදව මෙිම කෘතියේ සාකචිචා කරති . විද්‍යාව වඩා යහපත් ලෝකයක් නිර්මාණය කරනවාටත් වඩා වඩා යහපත් ලෝකය පිලිබද චින්තනය දූවිලි බවට පත්කර ඇති බව ෆුකුඔකා මෙම කෘතියේ සටහන් තබති.
“විද්‍යාඥයෝ කොපමණ පර්යේෂණ කලත් අවසානයේදී ඔහුන්ට ප්රත්යක්ෂ වන්නේ සොබාදහම කෙතරමි පරිපුරණ ද යන්න වගය. පර්යේෂණ හා නිපැයිමි මගින් සොබාදහමට වඩා යහපත් දෙයක් මිනිසාට නිර්මාණය කිරීමට හැකිවෙියැයි සිතීම ම මුලාවකි”.
විද්‍යාව නොකර කිරීමෙි ගොවිතැන පමණක් නොව ජීවත්වීමෙි කලාව හා මානව චින්තනය පිළිබදව ප්‍රයෝගික අත් දැකීම මෙම කෘතියේ සටහන් තබන කතුවරයා සොබාදහමෙි රිද්මය හා කලාව තාඔ දහම මෙන් ගැබුරු අධ්‍යාත්මයක් හා චින්තනයක් ලෙස පෙන්වා දේ . සෙබා දහම ඉතා ගැඔුරුය සොබාදහමෙි රිද්මය හාදුනා ගැනීමට නමි මෙහි ගැඔුර තුල කිමිදිය යුතුය . එය වඩාත් පහසුවෙන් කල හැක්කේ ගොවියෙකුටය නිකමිම ගොවියෙකුට නොව සෙබා දහමෙි ගොවියෙකුටය පිදුරු ගහකට මිනස් චින්තනයේ මෙන්ම කෘෂිකරමයේත සමස්ථ මානව සමාජයේත් විප්ලවයක් කල හැකිය.
රවින්ද්‍ර කාරියවසම්
Comment (1)
Thank you for sharing this insightful article! I found the information really useful and thought-provoking. Your writing style is engaging, and it made the topic much easier to understand. Looking forward to reading more of your posts!