Menu

හරා – මිනිසාගේ ජීව කේන්ද්‍රය

In Stock

Product Description

ගසක වැඩීම හා පැතිර යාම, එහි මූල පද්ධතිය හා බැඳී රඳා පවතින්නාක් මෙන්, මිනිස් අධ්‍යාත්ම සාරයේ සජීවී වර්ධනය රදා පවතින්නේ ද තම මූලයන්ට අව්‍යාජ වීමෙනි, එනම්, මිනිස් ජීවිතය පැන නගින්නා වූ ප්‍රාකෘතික ජීවිත ඒකත්වය සමග පවතින අඛන්ඩ නිරන්තර සබඳතාව මගිනි. ඉඳින් මිනිසා එය අමතක කොට, බාහිර ශාරීරික වර්ධනය පමණක් කරමින් තම මූල ප්‍රාකෘතික භූමිය අඳුරු කරන්නේ නම්, ඒ පුද්ගලයා එම ස්වභාවික බල වේගයන්හි සමතුලිතතාව කළඹා ලන්නේය.

මිනිසා සැඟවී ඇති ගැඹුරු අත්දැකීම් අනාවරණය කොට, ජීවිතයේ මූලික සත්‍යයන් හා රීතීන් පිළිබඳ ⁣දොරටු විවෘත කොට, සනාතන ආකල්පයක් ලබා ගැනීමේ එක් මාවතක් වැටී ඇත්තේ ‘හරා’ පිළිබඳ සොයා ගැනීම හරහා ය.

ජපන් වැසියා ‘හරා’ යන්න තේරුම් ගත්තේ, ප්‍රාකෘතික ජීව-ප්‍රවාහයේ බලය හා පරිපූර්ණත්වය වෙත විවෘත වීම් සියල්ල ඇතුළත් සාමාන්‍ය ආකල්පය ලෙස ය. ‘හරා’ පිළිබඳ දැන ගැනීම, ජපන් වැසියන්ට පමණක් නොව මුළු ලෝක වාසී ජනතාවට ම වැදගත් වන්නකි. මෙම ග්‍රන්ථයේ අරමුණ,පාඨකයා එම ‘හරා’ හි අර්ථය හා සාරය වෙත ගෙන යාම ය.

‘හරා’ පිළිබඳ න්‍යායාත්මක විග්‍රහය සහ ආත්ම සංවර්ධනය සඳහා එය පුහුණු කිරීම ආධ්‍යාත්මික උපදේශකයන්ගේ හා මනෝ චිකිත්සකයන්ගේ ගැටලු වලට සෘජුවම අදාළ වන්නකි. එබැවින්, එය වර්තමාන මනෝ විද්‍යාවට හා මනෝ චිකිත්සාවට සම්බන්ධ වන ආකාරය ද මෙම කෘතියෙන් සාකච්ඡා වේ.

කඩු හරඹය, නර්තනය, රූකඩ කලාව, චිත්‍ර කර්මය හෝ වෙනත් ඕනෑම කලාවක් පුහුණු කිරීමේදී එහි කේන්ද්‍රීය තත්වය ‘හරා’ ය. ‘හරා’ යන වචනය යම්කිසි මූලික, පරමාර්ථමය දෙයක් හා සම්බන්ධ වූවකි.

ජපන් යුද සෙබලකු පුහුණු කිරීමේ දී එහි සම්පූර්ණ අර්ථය ම ‘හරා’ ය. මරණය ට පවා සෘජුව මුහුණ දීම කෙරෙන යුද පුහුණුව ඇතුළු වෙනත් ඕනෑම දක්ෂතාවක් පිළිබඳ ප්‍රාගුණ්‍යයේ දී ස්ථාපනය වන, සරල, භාවමය නොවන ඇතුළාන්ත තත්වයක් ලෙස ‘හරා’ ව සැලකිය හැක. එබඳු තත්වයකින් කෙනෙකු යොමු කෙරෙන්නේ, මරණය ට බිය වන “මම” යන නාමයෙන් නිදහස් වීම වෙතය; මෙය කළ හැකි වන්නේ, ජපනුන් කියන ලෙස, මිනිසා “ජීවිතයෙන් හා මරණයෙන් ඔබ්බේ” පවතින මහා පැවැත්ම තුළ ස්ථානගත වුවහොත් පමණි.

Additional information

Weight 0.4 kg
Dimensions 21 × 14.8 × 1.2 cm

Reviews

There are no reviews yet.

Be the first to review “හරා – මිනිසාගේ ජීව කේන්ද්‍රය”

Your email address will not be published. Required fields are marked *

X