ස්වභාවයේ ස්වභාවයක් – තාඕ තේ චිං

(2 customer reviews)

In Stock

Product Description

ලාඔට්සූ තාඕවාදයේ පියා යයි සැලකීම ප්‍රසිද්ධ කාරණයකි. එහෙත් ලාඔට්සු නැමති පුද්ගලයාගේ චරිතය පිළිබඳව කරුණු ප්‍රකටව ඇත්තේ ඉතා ස්වල්පයක් පමණකි.

කොන්ෆියුෂියස් ලාඔට්සු ගැන මෙසේ කියා ඇත:

“කුරුල්ලකුටඉගිලෙන්නට හැකි බව මම දනිමි. මාළුවකුට පීනන්නටත්, සිව්පාවුන්ට දුවන්නටත් හැකි බව මම දනිමි. දුවන අය ඇල්ලීමට දැලක් සවි කළ හැක. ඉගිලෙන අය වැළැක්වීමට ලණු බැඳිය හැක. එහෙත් මකරා සුළඟේ උපකාරයෙන් අහසට නගින ආකාරය නම් මට සිතා ගත නොහැක. අද මට හමු වූ ලාඔට්සු ද මකරකු වගේ ය.”(චීන තාඕවාදීන් අතර, මකරා යනු කුණුඩලී ශක්තියේ සංකේතයයි.)
වයස අවුරුදු අනූවේ දී ඔහු තම ශිෂ්‍යයන්ගෙන් සමුගත්තේ මෙසේ කියමිනි: “මම දැන් කඳුකරේ පැත්තට යනවා. එහෙ යන්නේ මරණයට සූදානම් වෙන්නයි. ඔබ සියලු දෙනා සමග ජීවත් වෙන කොට, මිනිස්සු එක්ක ලෝකයේ ජීවත්වෙන එක හොඳයි. ඒත් මරණය කිට්ටු වෙන කොට සම්පූර්ණයෙන් ම තනියම ඉන්න එක තමයි හොඳ. එහෙම වුණාම, ලෝකයෙන් අපවිත්‍ර වෙන්නේනැතුව, පරම පවිත්‍ර විදියට තනිවම මූලාරම්භක මූලාශ්‍රය වෙතට යන්න පුළුවන් වෙනවා.”
ශිෂ්‍යයන්ට දුක සිතුණු නමුත් මොනවා කරන්නද? ඔවුහු සැතපුම් ගණනාවක් ඔහු සමග ගිය හ. එහෙත් ලාඔට්සු ඔවුන් නවත්වා ලූයේ ය. දේශ සීමාව හරහා තනිවම ගිය ඔහු නවත්වා සිරගත කරන ලද්දේ එහි සිටි මුරකරු විසිනි. එම මුරකරු ද ලාඔට්සුගේ ගෝලයෙක් විය. ඔහු මෙසේ කීය: “ඔබතුමා පොතක් ලියන තුරු ඔබතුමාට මේ දේශසීමාව පහු කරලා යන්න දෙන්නෙ නැහැ. මිනිස්සු වෙනුවෙන් ඔබතුමා අපට ගෙවන්න තියෙන ණය ඉවර වෙනවා. එහෙම නොකළොත් නම් නිදහස් කරන්න බැහැ.” මෙසේ දින තුනක් ම තම ශිෂ්‍යයා විසින් ලාඔට්සු සිර කර තබා ගනු ලැබී ය.
එය සුන්දර ය, ආදරණීය ය. ඔහුට බල කරන ලදී. ලාඔට්සුගේ තාඕ තේ චිං ග්‍රන්ථය බිහි වූයේ එසේ ය. ඔහු එය ලියුවේ ශිෂ්‍යයාගේ බල කිරීම නිසා ය. මුරකරුට යමක් කිරීමට බලය තිබුණු නිසා කරදර ඇති කර නොගත් ඔහු දින තුනකින් පොත ලියා අවසන් කළේ ය.
තාඕ තේ චිං කෘතියේ පළමු වැකිය මෙසේ ය:

“නම් කළ හැකි, කියා පෙන්විය හැකි මාර්‍ගය පරම තාඕව නොවේ.”

Additional information

Weight .140 kg
Dimensions 21 × 14.8 × .8 cm

2 reviews for ස්වභාවයේ ස්වභාවයක් – තාඕ තේ චිං

  1. Nethmi Sandalika

    ස්වාභාවයේ ස්වභාවයක්-තාඕ තේ චිං

  2. Nethmi Sandalika

    15,Nuwandinee,Rangammulla, Waikkala
    0761703881

Add a review

Your email address will not be published. Required fields are marked *

X