සිදුවන බව නිශ්චය වශයෙන්ම කිව හැකි සිද්ධියක් අපගේ ජීවිතවල ඇතොත් ඒ මරණය පමණි. එබැවින් එය ජීවිතයේ අන් හැම සිදුවීමකටම වඩා වැදගත් වේ. මුළු ජීවිතය පුරාම අප උත්සහ කරන්නේ මරණයෙන් බේරිමටය. අපගේ සෑම ක්රියාවක්ම ගොඩනැගී ඇත්තේ මරණය කේඳ්ර කොටගෙනය. එහෙත් කොතෙක් උත්සහ කළද මරණයෙන් බේරිම නම් අපට කෙසේවත් කළ නොහැක. එසේ වුවත් අප කිසිවක් නොදන්නේද මරණය ගැනමය. උපන් හැම දෙනාම මරණය උරුමකොට ගෙන එන නිසා, සෑම දෙනාම මරණයට නියත වන නිසා මරණය පිළිබඳව කරුණු දැන සිටීම ඉතා වැදගත් ය. එබැවින් උපන් සියල්ලන් විසින්ම, එනම් මරණයට නියතව සිටින සියල්ලන් විසින්ම අන් කවර පොතක් නොකියවුවද, කියවිය යුතු එකම පොත නම් මරණය හා ඉන් පසු අපට සිදුවන දෑ ඉතා පැහැදිලිව විස්තර කෙරෙන ‘තිබ්බත මළපොත’ යයි සිතේ.
| Weight | .300 kg |
|---|---|
| Dimensions | 20.5 × 14.5 × 1.5 cm |
Reviews
There are no reviews yet.