-
Product Description
මෙම කෘතිය ලක්ෂ්මීංකරා දේවී නම් යෝගිනියගේ තාන්ත්‍රික අත්දැකීම් ඇතුළත් වූවකි. එය ප්‍රමාණයෙන් ඉතා කුඩා වුව ද, ඇතුළත් කරුණුවලින් බෞද්ධ තන්ත්ර අතර දැවැන්තයන් වූ ගුහ්‍ය සමාජ තන්ත්රය හේවජ්යතන්ත්රය වැනි තන්ත්ර හැදෑරීමෙන් උකහා ගතයුතු මූලික කරුණු සියල්ලම පාහේ සැකෙවින් පාඨකයාට මෙම ග්‍රන්ථය ඉදිරිපත් වේ.
මෙහි තවත් වැදගත් ලක්ෂණයක් නම්, එය යෝගිණියක ස්ත්‍රියක විසින් ලියන ලද්දක් වීම යි. කෙනෙකු තන්ත්ර ප්රත්යක්ෂ වන මට්ටමට ආධ්‍යාත්මික වශයෙන් දියුණු වූ විට ඒ පුද්ගලයා ස්ත්‍රී පුරුෂ භේදයෙන් ඔබ්බට යන්නේ ය. එහිදී ස්ත්රීන්ගේ අත්දැකීම් ද පිරිමින්ගේ අත්දැකීම්වලට ඉතා සමාන බව මෙම පොත් පිංච පරිහරණය කිරීමෙන් මනාව කෙනෙකුට පැහැදිලි වේ.
Additional information
Weight .045 kg Dimensions 20.7 × 14.7 × .2 cm

Reviews
There are no reviews yet.