Menu

දොන් ජුවන්

Product Description

කාර්ලෝස් කැස්ටනේඩා රචනාකල චරිතාප්‍රදාන ස්වරූපයේ රචනාවක් වු දොන් ජුවන්ගේ ඉගැන්වීම් නම් ග්‍රන්ථයෙන් විස්තර වන්නේ, ඔහු දොන් ජුවන් මැටස් නම් යකි ඉන්දියානු ශාමන්වරයෙකු සමග ලැබු පුහුණුව ගැනය.

මානවවිද්‍යා උපාධිධරයෙකු වු කැස්ටර්නේඩා දේශීය ගෝත්‍රික මිනිසුන්ගේ සිරිත් විරිත් ගැන-විශේෂයෙන් භ්‍රන්ති ජනක තත්වයන් හා ධ්‍යනමය තත්වයන් ඇතිකරන ශක්තිජනක ඔසු භාවිතය ගැන සොයාබැලීම සදහා ගවේෂණයක් ආරම්භ කළේය.

කතාව ආරම්භ වන්නේ කැස්ටනේඩාට හදිසියේම දොන් ජුවන් හමුවීමත් සමගය; මුලදී ඔහුට සිතුනේ දොන් ජුවන් යනු සාමාන්‍ය මහලු මිනිසෙකු පම⁣⁣ණෙකැයි කියාය. එහෙත් ඔහු කල කී දේවලින් අනාවරණය වුයේ ඔහු සම්ප්‍රදායික මන්ත්‍රකරුවෙකු හෙවත් පෞරාණික ඥානය පිළිබඳ සප්‍රමාන ආචාර්යවරයෙකු බවය.

දොන් ජුවන්ගේ සාම්ප්‍රදායික නොවන විශ්වාසයන් හා උපක්‍රමයන් කෙරේ ආකර්ෂණය වු කැස්ටර්නේඩා, මන්ත්‍ර ශාස්ත්‍රයේ සංකීර්ණතා හා පැවැත්මේ සාරය අනාවරණය කරගත හැකි වෙතැයි අදහා දොන් ජුවන්ගේ ගෝලයෙකු බවට පත්වුයේය.

දොන් ජුවන්ගේ මෙහෙයවීම යටතේ පෙයොටේ සහ වෙනත් භ්‍රාන්තිජනක පැලෑටි භාවිතය හා අවදිබව සහ සංඥණනය පුඵල් කරන දුශ්කර ශාරිරික සහ මානසික අභ්‍යාස ද ඇතුලත් විපර්යාසාත්මක අද්දැකීම් රැසකට මුහුණ දුන්නේය.

එම අද්දැකීම් හරහා කැස්ටර්නේඩා විඥානයේ ස්වභාවය පිළිබඳවද ජීවිතයේ ඇති අන්‍යයෝන්‍ය අන්තර් සම්බන්දතා පිළිබඳවද වෙනම යථාර්තයන් පිළිබඳවද ගැඹුරු පරිඥනයක් ලැබුවේය.

Additional information

Weight 0.315 kg
Dimensions 21 × 14.8 × 1.2 cm

Reviews

There are no reviews yet.

Be the first to review “දොන් ජුවන්”

Your email address will not be published. Required fields are marked *

X