ආලෝක මාර්ගය

Product Description

ආලෝක මාර්ගය නැමති මෙම කෘතිය ගූඪවිද්‍යාඥයින් පිළිගන්නේ උසස්ම මට්ටමේ කෘතියක් ලෙස ය. දර්ශන මාර්ගයේ හෙවත් ධර්මය දැකීමේ පළමු පියවර තැබූ අයට මෙය උසස්ම මග පෙන්වන්නාය. එකීරචකයා එම ශික්‍ෂාපදවල අරුත සඟවා ඇත්තේ ගූඪවාදින් හැම විටම අනුගමනය කරන පිළිවෙල අනුව ය. සත්‍ය ධර්මය ග්‍රහණය නොකළ අයට මෙම කෘතියේ ඇති දැ පෙනී යන්නේ කිසිදු අර්ථයක් නොමැති අසම්භව්‍ය (සිදුවිය නොහැකි) ප්‍රතිවිරුද්ධතාවන් රැසක් ලෙස පමණි. එහෙත් ඇතුළාන්ත ජීවිතය පිළිබඳ ක්‍ෂණික දර්ශනයක් ලැබූ අයෙකුට මෙය දුලබ මැණිකක් හා සමාන වේ. එය විවෘත කරන හැම වාරයකම ඒ පුද්ගලයාට නව මාණික්‍ය හමුවේ. බොහෝ අයට මෙම ආලෝක ධර්මය, තමන් මුළු ජීවිත කාලය පුරා අන්ධ ලෙස සොයමින් සිටි දෙය අනාවරණය වීමකි. බොහෝ අයට එය, ආත්මභාවය සුවපත් කර ගැනීම සඳහා වූ ආධ්‍යාත්මික ආහාරයකි. බොහෝ අයට එය තම පවස නිවා ගැනීම සඳහා ජීවන දිය ඇල්ලෙන් ලබා දෙන පළමු සිහිල් දිය බඳුන වේ. සුදුසුකම් ලත් බොහෝ අය මෙම ග්‍රන්ථයේ පණිවිඩය හඳුනා ගනු ඇත. එය කියවීමෙන් පසුව ඔවුහු කිසි ලෙසකින් වත් එම කෘතිය හමුවීමට පෙර සිටි පුද්ගලයන් නොවනු ඇත. කතුවරයා කියන ලෙසට “මා යන තැන් මගේ දරුවෝ දනිති.” එසේම ආලෝක-දරුවන් මේ පොත ඔවුන් සඳහා බව හඳුනාගනු ඇත. අන් අය ගැන කිව හැක්කේ කාලය පැමිණි විට ඔවුන් මෙම මහා පණිවිඩය ලබා ගැනීමට සූදානම්ව සිටිනු ඇති බවය. මෙම කෘතියෙන් කෙරෙන්නේ ආධ්‍යාත්මික ගුප්ත මාර්ගයේ යන ශිෂ්‍යයා ගතයුතු පියවර පිළිවෙලින් සංකේතාත්මකව දැක්වීමකි. මෙම නීති, කලක් තිස්සේ ඊජිප්තුවේ හා ඉන්දියාවේ ගුරු-ශිෂ්‍ය පරම්පරා අතර භාවිත වූ ඒවා ය. මෙම නීතිවල විශේෂත්වය නම්, ඒවායේ අභ්‍යන්තර අර්ථය අනාවරණය වන්නේ ශිෂ්‍යයා සැබවින් ම ආධ්‍යාත්මික මාර්ගයේ ඉදිරියට යන විට පමණක් වීම ය. සමහරුන්ට නීති බොහොමයක් පැහැදිලිව අවබෝධ වනු ඇත. එහෙත් තවත් සමහර අයට පෙනෙන්නේ පළමු පියවරවල්වල පවා ඡායා මාත්‍රයක් පමණි. එම එක් පියවරක් මත ස්ථිරව පා තැබූ ශිෂ්‍යයාට ඊළඟ පියවර ද යාන්තමට ආලෝකමත් වේ. ඒ ශිෂ්‍යයා දිරිමත් වීම සඳහා ය. අධෛර්යමත් නොවන්න. මෙම පොතට ඔබ ආශා කරනවා යනු. එය ඔබ සඳහාම වූවක්ය යන්නය. යථා කාලයේ දී ඔබට එහි අර්ථය අනාවරණය වනු ඇත.

Additional information

Weight .110 kg
Dimensions 21 × 14.8 × .5 cm

Reviews

There are no reviews yet.

Be the first to review “ආලෝක මාර්ගය”

Your email address will not be published. Required fields are marked *

X